ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේදී මුහම්මද්තුමන් අළලා පසුගියදා පැවැත්වුණු කාටුන් නිර්මාණ තරගයට එල්ල කළ ප්‍රහාරය තම සංවිධානයේ ක්‍රියාවක් බව IS ඉස්ලාම් රාජ්‍යයේ සටන්කාමීන් පිළිගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
මෙම ප්‍රහාරය සඳහා සිය රාජ්‍යයේ සොල්දාදුවන් දෙදෙනකු සම්බන්ධ වුණු බව ඔවුන්ගේ ගුවන්විදුලිය වන අල්-බයාන් සේවය හරහා සිදුකළ පුවත් විකාශයකදී පවසා තිබේ.
මෙම කාටුන් ප්‍රදර්ශනය සහ තරගාවලිය සම්පූර්ණයෙන්ම මුහම්මද් තුමන්ගේ ප්‍රතිරූපය කෙළෙසන ආකාරයෙන් සංවිධානය වී තිබූ නිසා තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බව එහිදී වැඩිදුරටත් සඳහන් වී තිබේ. මෙහිදී පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරවලින් අදාළ වෙඩික්කරුවන් දෙදෙනා මරණයට පත් වුවත්, IS ඉස්ලාම් රාජ්‍යයේ සටන්කාමීන් ඇමෙරිකානු භූමිය තුළ ප්‍රහාරයක් දියත් කළ ප්‍රථම අවස්ථාව බවටද මෙය ඉතිහාසයට එක්ව තිබේ.