ක්‍රොඒෂියාවේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ප්‍රථම කාන්තා ජනාධිපතිවරයා ලෙස ග්රාබාර්-කිටරොවික් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට විරුද්ධ පක්ෂයෙන් තරග බිමට පිවිසි ග්රාබාර් 50.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය ලබා ඇති අතර, ඇය සමග තරග කළ අයිවෝ ජොසිපොවික් වෙත ලබාගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 49.5% ක් පමණි.
එහිදී, තම පරාජය බාරගත් ජොසිපොවික් ජයග්‍රාහී ග්රාබාර් වෙත සුබ පැතුම්ද එක්කර ඇති බව පැවසෙයි.
මැතිවරණයේ දෙවැනි වටය පුරාම තරගකරුවන් දෙදෙනා අතර පරතරය 1% ක අගයක පැවතී තිබුණි.
46 වැනි වියෙහි පසුවන ග්රාබාර් එරට හිටපු විදේශ ඇමතිවරියක වන අතර, නේටෝ මහලේකම්වරයාගේ සහායකාර ලේකම්වරිය ලෙසක අත්දැකීම් අත්තියකි.