යුක්රේන හිතවාදී ක්‍රියාකාරීන්ට රුසියානු හිතවාදී කණ්ඩායමක් විසින් ක්‍රිමියාවේ සෙවාස්ටොපොල් නගරයේ පැවති විරෝධතා රැලියකදී පහර දී ඇති බව වාර්තා වෙයි.
බී.බී.සී. වාර්තාකරු පෙන්වා දෙන ආකාරයට යුක්රේන ක්‍රියාකාරීන්ට කසවලින් පහරදී ඇති අතර, එය බලාසිටීමට අපහසු දසුනක් වී තිබේ.
මේ වනවිටත් රුසියානු හමුදා සහ මිත්‍ර හමුදාවන් යුක්රේනයේ ස්වයංපාලනයක් සහිත ක්‍රිමියා අර්ධද්වීපයේ සිටින අතර, එම කලාපය රුසියාවට ලබාදීම වෙනුවෙන් මීළඟ සතියේ ජනමතවිචාරණයක් පැවැත්වීමට නියමිත බවද කියැවෙයි.
කෙසේ වෙතත් මෙම ජනමතවිචාරණය ව්‍යවස්ථා විරෝධී බව යුක්රේනය දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.
මේ අතර, ඇමෙරිකාව අනතුරු අඟවමින් කියා ඇත්තේ, රුසියාව විසින් ක්රිමියව සිය රටේ කොටසක් කර ගැනීමට උත්සාහ කළහොත්, එය ඇමෙරිකාවේ හා රුසියාවේ රාජතාන්ත්‍රික සබඳතා වසා දැමෙන අවස්ථාවක් වනු ඇති බවය.