ක්‍රිමියා දෙසින් එල්ල වූ වෙඩි ප්‍රහාරයක් නිසා යුක්රේන හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වූ බව යුක්රේන හමුදාව නිවේදනය කරයි.
ක්රිමියාව නිල වශයෙන් රුසියාවට ඈඳා ගැනීම පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා ක්‍රිමියා බලධාරීන් අතර ගිවිසුම් අත්සන් කර සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාරය සිදුව ඇති බවද කියැවෙයි.
මේ වනවිට රුසියානු හමුදා විශාල වශයෙන් ක්රිමියාව තුළ යුක්රේන දේශසීමාවේ කඳවුරු බඳිමින් සිටින බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ක්‍රිමියාවේ පැවති ජනමත විචාරණයෙන් 97% ක් දැවැන්ත ජයග්‍රහණයක් පූටින්ට පක්ෂව ලැබුණු අතර, ඒ ඔස්සේ යමින් ක්රිමියාව සම්බන්ධයෙන් රුසියාව ගත් ක්‍රියාමාර්ග වඩාත් සාධාරණ බව පූටින් දැඩිව කියා සිටියේය.
රුසියානු ක්‍රෙම්ලිනයේ, ශාන්ත ජෝර්ජ් ශාලාවේ දී රුසියානු ප්‍රභූවරුන් අමතමින් ඔහු කියා සිටියේ, 1954 දී සහ නිරවි යුද්ධය අවසානයේ දී ක්රිමියාව යුක්රේන දේශ සීමාව තුළට ඈඳීම වරදක් බවය. එම කලාපය රුසියාවට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම පසුගිය ඉරිදා ක්‍රිමියාවේ පැවැත්වූ ජනමත විචාරණය ජාත්‍යන්තර නීතියට අනුකූල බවද පැවසූ පූටින්, ජනතාව තලා පෙළා දැමූ ආණ්ඩු අර්බුදය හේතුවෙන් යුක්රේනයේ සිටින රුසියානුවන් හෙම්බත්ව සිටි බවද අවධාරණය කළේය.
එහිදී පූටීන් යුක්රේනයේ බෙදීමක් ඇති කිරීමට රුසියාවට අවශ්‍ය නැති බවද අවධාරණය කළ අතර, ක්රිමියාවට සිදු වූ දෑ අනිත් කලාපවලටත් සිදු වෙතැයි කෙරෙන ප්‍රකාශයන් විශ්වාශ නොකරන ලෙසද පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය.