ක්රිමියාව සෑම විටම රුසියාවේ කොටසක් - පූටින්
ක්රිමියාව සෑම විටම රුසියාවේ කොටසක් ලෙස පවතිනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් එරට පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
ක්රිමියාම රුසියාවට ඈඳා ගැනීම වෙනුවෙන් වූ නව නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහාය ඉල්ලා සිටිමින් මෙසේ පවසා සිටි අතර, ඉන් පසුව පූටීන් හා ක්රිමියානු නායකයන් විසින් ක්රිමියා කලාපය රුසියාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සිදුවිය.
ක්රිමියාව යුක්රේනයෙන් ස්වාධීනව කටයුතු කරන බව ප්රකාශයට පත්කරනු ලැබුවේ බටහිර විසින් දැඩිව විවේචනය කළ ජනමත විචාරණයෙන් දැවැන්ත ජයග්රහණයක් ලබාගැනීමත් සමගය.
ක්රිමියාව රුසියාව සමග බද්ධ විය යුතු බවට 97% ක ඡන්ද ප්රතිශතයක් ලැබී තිබුණි. කෙසේ වෙතත් යුරෝපා සංගමය හා ඇමෙරිකාව මෙම මැතිවරණය නීති විරෝධී බව ප්රකාශ කරමින් සම්බාධකද පනවනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
