සිසුන් 21 දෙනෙකු ඇතුළු ගුරුවරු දෙදෙනෙකුට මරු කැඳවමින් මැලේසියාවේ ආගමික පාසලක සිදුවූ ගින්න පිළිබඳ සැකපිට නව යොවුන් වියේ පසුවූ 7 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 11 ත් 18ත් අතර වයසේ පසුවන්නන් බව කියැවෙයි.
දශක දෙකක කාලය තුළ මැලේසියාව තුළ සිදුවූ දරුණුතම ගිනිගැනීම ලෙස සැලකෙන මෙය පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වූයේ ක්වාලලම්පූර් නුවර, තහ්ෆිස් ඩරූල් කුරාන් ඉටිෆර්ඛියාහ් ඉස්ලාම් ආගමික පාසලේදී ය.
ගින්නට ගොදුරු වූ සිසුන් ඔවුන්ගේ පාසල් නේවාසිකාගාරයේ නින්දේ සිටියදී මෙම ගින්න ඇතිවී තිබූ අතර, ගිනි ගැනීමත් සමග ඔවුන් ජනේලවලින් පිටවීමට උත්සාහ දරා තිබුණත්, ඒවායෙහි යකඩ ආවරණ (ග්‍රිල්) ඊට හරස් වී ඇති බවත් මූලි පරීක්ෂණවලින් අනාවරණය වෙයි.
කෙසේ වෙතත්, ගින්නට පෙර එම ස්ථානයට ගෑස් සිලින්ඩර දෙකක් රැගෙන පැමිණ ඇති බවත්, නින්දේ සිටි සිසුන් හා මෙම පිරිස අතර යම් කවටකමක් දුරදිග යෑම මෙම ගින්නට හේතු විය හැකි බවත් ක්වාලලම්පූර් පොලිස් ප්‍රධානියා පවසයි.
කෙසේ වෙතත්, ඔවුන්ට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇති බවද පෙන්වා දුන් පොලිස් ප්‍රධානියා, මෙම ඔවුන් සිතාමතා මනුෂ්‍ය ඝාතන චේතනාවෙන් සිදුකළ දෙයක්ද, නැද්ද යන්න පිළිබඳ අධිකරණය තීරණය කිරීමෙන් පසුව ඔවුන් වෙත දඬුවම් පැමිණවෙනු ඇති බවත් අවධාරණය කරයි.