තම මිසයිල වැඩසටහන ලෝකයේ දෝෂ දර්ශනයට ලක්වුවත්, ඇමෙරිකාව අපට තර්ජනය කරමින් සිටියත්, ඉදිරියේදී තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදුකරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
අතරු කොරියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය හැන් සොන්ග්-යෝල් බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් මෙම අනාවරණය සිදුකර තිබේ.
අපි සති පතා, මාස් පතා, වාර්ෂිකව තවදුරටත් මිසයිල අත්හදා බැලීම් සිදුකරාවි. අමාත්‍යවරයා පැවසීය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත්තොත්, එය යුද්ධයකින් කෙළවර වේවි.
ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම තම ඉවසීමේ සීමා ඉක්මවා ගිය අවස්ථාවක් බව පවසා සිටියේ මීට පෙරය.
පසුගිය ඉරිදා දකුණු කොරියාවේ සෝල් නුවර වෙත ඔහු පැමිණියේ එදිනම උතුරු කොරියාවේ අසාර්ථක මිසයිල අත්හදා බැලීමක් සිදුවන අවස්ථාවේදීය.

.jpg)