දකුණුදිග චීනයේ සත්වෝද්‍යානයක තුන් නිවුන් පැන්ඩා උපතක් සිදුව තිබේ. මෙය පැන්ඩා සතුන් සුරක්ෂිතව බිහිවූ ප්‍රථම තුන් නිවුන් උපත ලෙස සැලකෙයි.
දකුණුදිග චීනයේ ග්ආන්ග්සූ හි චිමෙලෝන්ග් සෆාරි උද්‍යානයේදී මෙම තුන් නිවුන් පැන්ඩා උපත සිදුවී ඇති අතර, පසුගිය ජූලි 29 වැනිදා ඔවුන් මෙළොව එළිය දැක ඇත.
මෙම පැන්ඩා පැටවුන්ගේ මව වන ජුෂියාඕ මුලින්ම මෙම පැටවුන් රැකබලා ගැනීමේදී අධික වෙහෙසට පත්වීමක් පෙන්වූවත්, මේ වනවිට ඇය යථා තත්ත්වයට පත්ව ඔවුන් ආදරයෙන් රැකබලා ගන්නා බව කියැවෙයි.
කෙසේ වෙතත් සත්වෝද්‍යාන බලධාරීන්ද පැටවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බව කියයි.
පැන්ඩා ගැහුණු සතෙකු ගැබ් ගැනීමක් බොහෝ විට සිදුවන්නේ වසරකට දින දෙකක් හෝ තුනක් පමණක් වන අතර, ඔවුන්ගේ ප්‍රජනන අනුපාතය ඉතා අවම මට්ටමක පවතින බව කියැවෙයි.