කන්සර්වේටිව් හා ඩී.යූ.පී ආණ්ඩුවකට තවත් සාකච්ඡා
කන්සර්වේටිව් පක්ෂය සමග එක්ව රජයක් පිහිටුවීම සඳහා සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව උතුරු අයර්ලන්තයේ ඩී.යූ.පී. පක්ෂය පවසයි.
මෙම සාකච්ඡාවන් කන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ ඩී.යූ.පී. පක්ෂයේ නියෝජිතයන් අතර පසුගියදා බෙල්ෆාස්ට් හිදී පවත්වා තිබූ බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සුළුතර ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට පැමිණීම සඳහා කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
බ්‍රහස්පතින්දා (ජුනි 08) පැවති මහ මැතිවරණ ඡන්ද විමසීමෙන් බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට කොන්සර්වේටිව් පක්ෂයේ නායිකා තෙරේසා මේ අසමත් වූ අතර උතුරු අයර්ලන්තය දිගටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම වෙනුවෙන් පෙනී සිටින ඩිමොක්රටික් යුනියනිස්ට් පක්ෂයේ සහාය ඇතිව සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම ඇයගේ අභිප්‍රාය වී තිබුණි.
කෙසේ නමුත් ඩී.යූ.පී පක්ෂයේ සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීම කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිරූපයට හානි දායක විය හැකි බවටද එම පක්ෂයේ ඇතැම් සාමාජිකයෝ සැක පළ කර තිබුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

