කන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීම මුල්කර ගෙන අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු වන නික් තිමොති සහ කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ෆියෝනා හිල් සිය ධුරයන්ගෙන් ඉවත්ව ගොස් තිබේ.
පක්ෂ අභ්‍යන්තරයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වන පරිසරයක කොන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී තමන් කළ කාර්යභාරයේ වගකීම භාර ගන්නා බව පවසමින් නික් තිමොති සිය ධුරයෙන් ඉවත්ව ගියේය. කෙසේ වෙතත්, කන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්රකාශනය තමා තවමත් අනුමත කරන බවද හෙතෙම පැවසීය.
එහිදී, කන්සර්වේටිව් පක්ෂ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ විෂම පරිසරයක් නිර්මාණය කළ බවට ෆියෝනා හිල් වෙත චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, මෙම අගමැති උපදේශකයන් දෙදෙනා ඉවත් නොකළහොත් අගමැතිවරියගේ නායකත්වයට අභියෝග කරන බවටද කන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අනතුරු ඇඟවීමක්ද කර තිබූ බව විදෙස් වාර්තා පවසයි.