ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මුහුදු සීමාවේදී තායිවානයට අයත් කන්ටේනර් ප්‍රවාහන නෞකාවකින් කන්ටේනර් 83ක් මුහුදට වැටීම සාගර ජීවීන්ට තර්ජනයක් විය හැකි බව සඳහන් වේ.
තස්මේනියානු මුහුදු සීමාවේ විශල රළ නඟමින් පැවති දැඩි රළු බව මෙසේ නෞකාවෙන් කන්ටේනර් මුහුදට වැටීමට හේතු වී ඇති බව අනාවරණය වෙයි.
මෙසේ මුහුදට වැටුණු කන්ටේනර්වල තිබූ සනීපාරක්ෂක තුවා, ශල්‍යකර්ම මුඛවාඩම් සහ කුඩා දරුවන්ගේ නැපි විශාල ප්‍රමාණයක් සිඩ්නි නගරයට උතුරු දිගින් වූ වෙරළ තීරයට ගසාගෙන පැමිණ ඇති බවද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම ද්‍රව්‍ය මුහුදේ ජීවත් වන තල්මසුන් සහ අනෙකුත් සතුන් ආහාරයට ගැනීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට මහත් වූ තර්ජනයක් විය හැකි බව සත්වවේදීහු පෙන්වා දෙති.
එමෙන්ම, නෞකාව තුළ තවත් කන්ටේනර් 30කට පමණ හානි වී ඇති අතර, ඇතැම් කන්ටේනර් නෞකාවේ එල්ලී මුහුදට නොවැටී තිබෙන ආකාරයද දැකිය හැකි විය.
මේ අතර, මුහුදේ සම්පූර්ණයෙන් නොගිලුණු කන්ටේනර් එම මුහුදු සීමාවේ ගමන් කරන ධීවර බෝට්ටු සහ වාණිජ නෞකාවලටද තර්ජනයක් විය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.