ඇමෙරිකාවට බලපෑ කත්රිනා චණ්ඩ මාරුතයේ දසවැනි සැමරුම එම චණ්ඩ මාරුතයෙන් දැඩි බලපෑමකට ලක්වූ නිව් ඔර්ලන්ස් ප්‍රාන්තයේදී සිදුවිය.
හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ද මෙම සැමරුමට සහභාගි වෙමින් දෙසුමක් පවත්වා තිබේ.
කත්රිනා චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් මිලියනයකට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි විය.
මෙය ඇමෙරිකානු ඉතිහාසයේ දරුණුම මූල්‍ය අලාභයක් සිදුකළ ස්වභාවික විපත ලෙස ඉතිහාස ගත වී තිබේ.