මැදපෙරදිග කලාපයේ කටාර් රාජ්‍ය අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන්ගෙන් හුදකලා වීමේ අර්බුදය හමුවේ රුසියාවේ සහාය ඉල්ලමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව, කටාර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සති අන්තයේදී රුසියාවට පැමිණීමට නියමිත බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අර්බුදය මැදට රුසියාව මැදිහත් වීම යනු මෙම අර්බුදය තවත් ව්‍යාකූල වීමක් බව දේශපාලන විචරාකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ගල්ෆ් කලාපයේ සිදුවී තිබෙන මෙම හැල හැප්පීම නිරාකරණය කිරීඹ සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් කුවේට් එමීර් ෂේක් අල්සබා අල්-අහ්මඩ් අල්-ජබ්‍රා අල්-සබා දෝහා නගරයට ළඟා විය.
විශේෂයෙන්ම කටාරය ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම්වලට උපකාර කරන බව අනාවරණය කරමින් සෞදිය ඇතුළු අරාබි රාජ්‍යයන් කිහිපයක්ම කටාරය සමග සියලු සබඳතා අත්හැරීය.
එහිදී, මෙම ගල්ෆ් රාජ්‍යයන් තමන්ගේ සියලු ගුවන් සීමා මෙන්ම, නාවුක සීමාවන්ද කටාරයට තහනම් කිරීමත් සමග එරට දැඩි අර්බුදකාරී වාතාවරණයකට මුහුණ පෑවේය.
මේ අතර, මෙම අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකවේ උදව් ලබාදීමට හැකි බවද ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ, ඉස්ලාමීය මූලධර්මවාදී කණ්ඩායම්වලට මූල්‍යාධාර සැපයීම වැළැක්වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවල් එක බලවේගයක් බවට පරිවර්තනය වීම යෝග්‍ය බවද සිහිපත් කරමිනි.