සෞදිය ඇතුළු අරාබි රාජ්‍යයන් 6ක් කටාරය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමටත්, මුහුදු, ගොඩබිම් සහ ගුවන් ආදී සියලු දේශසීමා වසා දැමීමටත් ගෙන ඇති තීරණය හේතුවෙන් කටාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් නොමැති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ඉස්ලාම් රාජ්‍යයේ IS ත්රස්තයන් මෙන්ම, අල්කයිඩා සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්ත සංවිධානවලට කටාරය ආධාර කරන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් කටාරය සමග සියලු සබඳතා අත්හිටුවන බවට වූ නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පවසා තිබේ.
දැනට ශ්‍රී ලාංකිකයන් 125,000ක් පමණ කටාරයේ සේවයේ නිරත වී සිටින බවත්, අරාබි රටවල් 06ක් විසින් ගෙන ඇති තීරණය එම සේවකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට බලපෑමක් නොමැති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා තිබේ.