ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්රාන්තයේ, ඕක්ලන්ඩ් හි රාත්රී සමාජශාලාවක ඇති වූ ගින්නෙන් මියගිය පිරිස 40කට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
මියගිය පිරිස 9ක් ලෙස බලධාරීන් මේ දක්වා ප්රකාශ කර සිටියද, එය 40 දක්වා වැඩිවිය හැකි බව විශ්වාස කෙරෙයි.
ඔක්ලන්ඩ් ගිනි නිවන ඒකකයේ ප්රධානියා පවසා සිටියේ 100කට ආසන්න පිරිසක් මෙම ගින්න ඇතිවන අවස්ථාවේදී ඒ තුළ සිට ඇති බවයි.
මෙම රාත්රී සමාජශාලාව තුළ සංගීත ප්රසංගයක් ඇතුළු තවත් විනෝදාස්වාදී ක්රියා සිදුවෙමින් පැවති අවස්ථාවේදී මෙම ගින්න ඇති වී තිබෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.