ප්‍රබල චණ්ඩ මාරුත දෙකක් ඔස්ට්‍රේලියාව වෙත කඩා වැදී ඇති බවත්, මේ තත්ත්වය තුළ වෙරළාශ්‍රිත පිරිස් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එරටින් ලැබෙන වාර්තා පවසයි.
මාර්සියා චණ්ඩ මාරුතය ක්වීන්ස්ලන්තයේ සිට ශාන්ත ලෝරන්ස් සහ යෙප්පෝන් දක්වා වූ වෙරළ තීරය වෙත දැඩි බලපෑමක් ඇති කර තිබේ.
5 වැනි කාණ්ඩයේ චණ්ඩ මාරුතයක් ලෙස කඩා වැදුණු මෙය මේ වනවිට තුන්වැනි මට්ටමේ චණ්ඩ මාරුතයක් දක්වා පහළ ගොස් තිබුණත් දැඩි වර්ෂාපතනයක් හා වඩාත් ඉහළ නැගෙන රළ බලාපොරොත්තු විය හැකි බවත් එරට කාලගුණ අංශ පවසයි.
මේ අතර, ලැම් චණ්ඩ මාරුතය එරට උතුරු ප්‍රදේශය වෙත කඩා වැදී ඇති අතර, එය සිව්වැනි කාණ්ඩයේ චණ්ඩ මාරුතයක් ලෙස නිරිතදිග දෙසට ඇදෙන බව කාලගුණ අංශ පවසයි.