ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවේ ගිණුම් හිමියන් මිලියන 20කගේ පමණ දත්ත අතුරුදන්ව ඇති බව හෙළි වී තිබේ.
බැංකුවේ ගිණුම් හිමියන්ගේ නම්, ලිපින, ගිණුම් අංක සහ බැංකු වාර්තා ඇතුළත් දත්ත පටි දෙකක් 2016 වසරේදී මෙසේ අතුරදන්ව ඇති අතර, ඒවා විනාශ වී ඇති බව තහවුරු කිරීමට බැංකුව අපොහොසත් වීම තුළ මෙම දත්ත සම්බන්ධයෙන් බැංකුව පාරිභෝගිකයන්ට නිවැරදි තොරතුරු සපයා නොමැති බව කියැවෙයි.
මෙම දත්ත ආරක්ෂා කිරීමට භාරගෙන තිබුණු උප කොන්ත්‍රාත්කරුවෙකු අතින් මෙසේ දත්ත විනාශ වී තිබේ.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවක මෙවැනි දැවැන්ත දත්ත අතුරුදන්වීමක් පිළිබඳ වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.