ඔස්ට්‍රේලියානු වෙරළ තීරයක් වෙත තල්මසුන් 150කට වැඩි ප්‍රමාණයක් ගොඩගසා ඇති බවත්, එම සතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සත්වවේදීන් දැඩි පරිශ්රමයක යෙදෙන බවත් වාර්තා වෙයි.
පර්ත් නගරයට කිලෝමීටර් 300ක් පමණ දකුණුදිගින් වූ හේම්ලින් බොක්ක ආශ්‍රිතව මෙම තල්මසුන් ඇසගැටී ඇත්තේ ධීවරයන්ටය.
මෙසේ ගොඩගසා ඇති තල්මසුන්ගෙන් අඩක් පමණ දැනටමත් මියගොස් ඇති බවත්, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
සත්වවේදීන් පවසන්නේ ඔවුන් සෙසු සතුන් බේරාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
එම සතුන් කෙටි වරල් සහිත නියමු තල්මසුන් ගණයට ගැනෙන බව එම සත්වවේදීන් හා බලධාරීන් පවසති.