ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඉලක්කයක් විය හැකි බවට බුද්ධි තොරතුරු ලැබීම හේතුවෙන් එහි ආරක්ෂාව තර කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.
සිඩ්නි නගරය ආශ්‍රිතව දැවැන්ත ප්‍රති ත්‍රස්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අනාවරණයන් සිදුව ඇති අතර, ඒ අනුව, පාර්ලිමේන්තුව වෙත එරට ෆෙඩරල් පොලීසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පැවසෙයි.
එරට බුද්ධි අංශ පෙන්වා දී තිබුනේ, හිස ගසා ඔස්ට්‍රේලියානු ජාතිකයන් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව අනාවරණය වූයෙන් මෙම හදිසි මෙහෙයුම සිදුකළ බවයි.
ඇමෙරිකාව ප්රමුඛව ඉරාකය හා සිරියාව ආශ්‍රිතව සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ඔස්ට්‍රේලියාව සෘජුව සහාය දැක්වීම තුළ මෙම තර්ජනය ඇතිවී තිබෙන බව එරටින් වාර්තා වෙයි.