සරණාගතයන් යළි පදිංචි කිරීමේ සැලසුම් ඔස්ට්‍රේලියාව සමග එක්ව සිදුකිරීමට එකඟත්වය පළ කළ බව ඇමෙරිකාව කියයි.
ඇමෙරිකාවේ හිටපු ජනපති බරැක් ඔබාමා පාලන සමයේදී ඇතිකර ගත් මෙම එකඟතාව කුණු කූඩයට වීසි කළ යුතු බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණත්, මෙම සැලසුමට දැන් ඇමෙරිකාව එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව, ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයන් 1,250කට ඇමෙරිකාවේ සරණාගතභාවය ලබාදීම සැලසුම වී තිබුණි.
ඊට ප්‍රතිචාර වශයෙන් ග්වතමාලා, හොන්ඩූරාස් සහ එල් සැල්වදෝර් යන රටවලින් සරණාගතභාවය පතා ඇමෙරිකාවට පැමිණි පිරිසකට ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ලබාදීමට ඔස්ට්‍රේලියාව අකඟතාව ලබාදුනි.
ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මෙම ගිවිසුම පිළිබඳව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් වෙත සිය ප්‍රසාදය පළ කර තිබුණද, එය ප්‍රසංශා කළ යුතු දෙයක් ලෙස හුවාදක්වා නොතිබුණු බවද වාර්තා වෙයි.