බටහිර ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළක සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටි නව යොවුන් වියේ දැරියක මෝරෙකුගේ පහරදීමකට ලක්ව සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 17ක් වන මෙම දැරිය සිය පියා, මව හා සහෝදරයන් සමග සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටින අතරතුර මේ අවාසනාවන්ත සිදුවීමට ලක්ව ඇති අතර, බරපතල තුවාල ලැබූ ඇයව වෙරළට ගොඩගැනීමට ඇගේ පියා කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, ඒ වනවිටත් බරපතල තත්ත්වයේ පසුවූ ඇය වහා රෝහල්ගත කිරීමට පියවර ගත්තත්, පසුව ඇය මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මෙය සර්ෆින් ක්‍රීඩාවට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන අතර, මාස 12ක කාලයක් තුළ බටහිර ඔස්ට්‍රේලියාවේ මාරාන්ති මෝර ප්‍රහාරයක් වාර්තා වූ තෙවැනි අවස්ථාවද මෙය වෙයි.