IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන තනතුරක් දැරූ ඔස්ට්‍රේලියානු ජාතිකයා මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියවුණත්, ඔහු තවම ජීවතුන් අතර සිටින බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියානු රජය පවසා සිටියේ ෂී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ බඳවාගැනීම් ඒකකයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති නීල් ප්‍රකාශ් නැමති ත්රස්තවාදියා ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බවයි.
ඔහු ඉරාකයේ මොසුල් නගරයේදී ජීවිතක්ෂයට පත්වූ බව එම වකවානුවේදී ඔස්ට්‍රේලියානු නීතිපති ජෝර්ජ් බ්රැන්ඩිස් විසින්ද තහවුරු කරන ලදී.
කෙසේ වෙතත්, ඇමෙරිකානු හමුදා තොරතුරු අනුව මෙම ත්රස්තවාදියා තවම ජීවතුන් අතර සිටින බවත්, මේ වනවිට මැදපෙරදිග කලාපයේ අත්අඩංගුවේ පසුවන බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත අද පවසා තිබුණි. එමෙන්ම, අත්අඩංගුව
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබූ ඔස්ට්‍රේලියානු අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුණේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රජය කිසිවක් ප්‍රකාශ නොකරන බවයි. එමෙන්ම, පසුගිය මැයි මාසයේදී ඔහු මියගිය බවට ඔස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජයේ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගිය බවට එරට රජය විසින් තහවුරු කරනු ලැබීමෙන් පසුව බවදී හෙතෙම පවසා සිටියේය. කෙසේ වෙතත්, යුද බිමකදී මෙම තොරතුරු වඩාත් විශ්වසනීයව තහවුරු කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.