ඔස්ට්‍රේලියාවේ පාලක ලිබරල් ජාතික ලීගය එරට පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව කියයි.
එමෙන්ම, එරට මැතිවරණ බලධාරීන්ට අනුව බදාදා දිනයේදීත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකෙරමින් පැවතිණි.
ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 150න් ආසන 71ක් මේ වනවිටත් අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වයෙන් යුතු පාලක ලිබරල් ජාතික ලීගය දිනාගෙන ඇති අතර, ඔවුන්ට බහුතරල බලයක් දිනාගැනීමට අවශ්‍ය වන්නේ ආසන 76ක් බව කියයි.