ඔස්ට්‍රේලියාවට අයත් මුහුදු තීරයේ නීති විරෝධීව මසුන් ඇල්ලීමේ නිරතව සිටි වියට්නාම් ජාතික ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි යාත්‍රා විනාශ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස 30ක් වන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු දෙනා අධිකරණයෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම පිරිසට මාස දෙකේ සිට මාස හත දක්වා සිරදඬුවම් නියම වෙන බවත්, ඔවුන්ගේ හැසිරීම මත මෙම දඬුවම් ලිහිල් විය හැකි බවත් කියැවෙයි.
මේ අතර, ඔවුන් ධීවර කටයුතු සඳහා යොදාගත් බෝට්ටු සියල්ලම විනාශ කිරීමට අධිකරණය නියෝග කර තිබේ. එහිදී, මේ ආකාරයෙන් බෝට්ටු විනාශ කිරීම මගින් ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ යළි නීතිවිරෝධී ධීවර කටයුතුවලින් වැළකී සිටීම සඳහා ඔවුන් වෙත බලවත් පණිවුඩයක් යන බව එරට බලධාරීහු පවසති.