ඔස්ට්‍රේලියාව වෙත ප්‍රහාරයක් සැලසුම් කළ තරුණයා දැලේ
ඔස්ට්‍රේලියානුවන් සෑම වසරකම අප්‍රේල් 25 වැනිදා සමරන පළමු ලෝක යුද සැමරුමක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ නව යොවුන් වියේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
1915 පළමු වැනි ලෝක යුද සමයේ ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදීම සඳහා ගෝලිපෝලි වෙත ප්‍රථම ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත හමුදා කණ්ඩායම් පැමිණීමත්, එහිදී සටන් වැද දිවිපිදූ හමුදා සිහි කිරීමත් මෙම දෙරටේම විශේෂ නිවාඩු දිනයක් ලෙස සැලකෙන මෙම දිනය තුළ සිහි කැඳවෙයි.
මෙසේ අත්අඩංගුවට ගැනුණු නව යොවුන් වියේ තරුණයා 16 හැවිරිදි තරුණයෙකු බවත්, ඔහු අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ආභාසය ලබා අත්තෙකු බව හෙළිවී ඇති බවත් නිවු සවුත්වේල්ස් පොලීසිය පවසයි.
සිඩ්නි හා මෙල්බර්න් යන නගර වෙත දහස් ගණන් ජනයා රැස් වෙමින්, හමුදා පෙළපාලි සහිතව සිදු කෙරෙන මෙම සැමරුම වෙත මෙම තරුණයා ප්‍රහාරය සැලසුම් කර ඇති අතර, ඔහු කිසිවෙකුගේ සහායකින් තොරව තනිව මෙය සැලසුම් කර ඇති බවත් පොලීසියට හෙළි වී තිබේ.
මේ ආකාරයෙන් ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තයන්ගේ ආභාසය ලැබූ ඉස්ලාමීය නව යොවුන් වියේ තරුණයන් කිහිප දෙනෙකුම ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් මීට පෙරද අත්අඩංගුවට ගත් අතර, මිසදිටුවන්ගේ අන්තවාදී අදහස්වලින් ඔද්දල් වූ ඔවුන් මෙවැනි ක්‍රියාවන්ට යොමුවන බව විශේෂඥ මතය වී තිබේ.
කෙසේ වෙතත්, සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් මෙම තරුණයාට එරෙහිව නඩුව එරට ළමා අධිකරණයට පමුණුවන බවත්, මෙහි උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විය හැකි බවත් ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන තොරතුරු වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
