ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කර්මාන්ත ශාලාවක සිටි අවිගත් පුද්ගලයෙකු අල්ලාගැනීම සඳහා පැය කිහිපයක් පැවති මෙහෙයුමකින් පසුව එම පුද්ගලයා සියදිවි නසාගත් බව විදෙස් වාර්තා පවසයි.
ඔහු එම කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ සිටි අවස්ථාවේදි එහි සිට පුද්ගලයන් කිහිප දෙනෙකු පිටතට පැමිණියත් ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගත්තවුන්ද යන්න පැහැදිලි නොවීය.
සඳුදා උදෑසන එම කර්මාන්තශාලා කලාපයේ විවෘත වෙඩි තැබීමක් සිදුකළ මෙම පුද්ගලයා එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකර තිබුණි.
පසුව වහාම පොලිසිය පැමිණ මෙහෙයුමක් දියත් කළ අතර, වෙයින් විලියම්ස් නමැති මෙම තුවක්කකරු සියදිවි හානිකර ගෙන සිටියදී හමුවූ බව පොලිසිය වැඩිදුටත් පැවසීය.