පුද්ගලයන්ට ගෞරවාන්විතව පුදකරන 'නයිට්' හා 'ආර්යා' පදවි තවදුරටත් ඔස්ට්‍රේලියාව තුළ පිරි නැමීමක් සිදුනොවනු ඇති බව අගමැති මැල්කම් ටර්න්බුල් අවධාරණය කරයි.
මෙම පදවි වර්තමාන නවීන ඔස්ට්‍රේලියාවට නොගැළපෙන බව පවසන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම පදවි ඉවත් කරන බවට කැබිනට් මණ්ඩලය ලබාදුන් අනුමැතිය බ්‍රිතාන්‍ය මහ රැජින විසින්ද පිළිගෙන ඇති බවයි.
හිටපු අගමැති ටෝනි ඇබොට් 2014 වසරේදී නයිට් හා ආර්යා පදවි නැවත හඳුන්වාදීම සිදුකළේය.
පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු වෙත නයිට් පදවියක් පිරිනැමීමට හිටපු අගමැතිවරයා ගත් විවාදයට තුඩුදුන් තීරණයම ඔහුගේ ධුර කාලයද අඩු කිරීමට හේතු වූ බව ඔස්ට්‍රේලියානු දේශපාලන විචාරකයෝ පවසති.