වෑන් රථයකින් ඔස්ට්‍රියාවට ඇතුළු වී සිටි සිරියානු සංක්‍රමණිකයන් 26 දෙනෙකුගෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු පවුල් තුනක් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් අතුරුදන්ව ඇත.
අධික විජලනයට පත්ව සිටි මොවුන් පසුගිය සිකුරාදා දිනයේදී රෝහල් ගතකර තිබුණි.
මළ සිරුරු 71ක් සමග අතහැර දමා තිබූ ලොරියක් හමුවී දිනකින් පසුව මෙම පිරිසද සොයාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සරණාගත අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා රටවල් කිහිපයක්ම හදිසි සාකච්ඡා කැඳවා තිබේ.