මෙවර ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම සිනමා නිර්මාණය ලෙස වෙනත් චිත්‍රපටයක නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිදුවූ අලකලංචියෙන් පසුව මෙම සම්මාන ප්රදානයේ ඡන්ද විමසීම භාර ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් සමාගම සමාව ඇයද සිටියි.
මෙහිදී, 'ලා ලා ලෑන්ඩ්' සිනමා පටය වසරේ හොඳම චිත්‍රපටය ලෙස නම් කිරීමට එම අවස්ථාවේදී සිටි නිවේදක දෙපළ කටයුතු කළහ.
කෙසේ වෙතත්, ඔවුන් අතට වැරදි ලියුම් කවරයක් ලබාදී තිබුණේ කෙසේද යන්න පිළිබඳව විමර්ෂණයක් සිදුවන බවද එම සමාගම වැඩිදුරටත් පවසයි.
'ලා ලා ලෑන්ඩ්' චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය ලෙස සඳහන් කළ විට එම චිත්‍රපටයේ චරිත නිරූපණය කළ නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායමේ පිරිස් තම ජයග්‍රණය පිළිබඳ අදහස් දැක්වමින් සිටියදී එයට බාධාකළ නිෂ්පාදකවරයෙක් මයික්‍රොෆෝනය ලබාගනිමින් කියා සිටියේ සැබෑම ජයග්‍රාහකයා 'මූන් ලයිට්' චිත්‍රපටය බවයි.
මෙය විහිළුවක් නොව සැබෑවක්ම බව කියා සිටි එම නිෂ්පාදකවරයා, අදාළ නම් කිරීම සිදුකළ ලියුම්කවරයේ වූ 'මූන් ලයිට්' චිත්‍රපටයේ නමද ප්‍රේක්ෂකාගාරයට පෙන්වන්නට විය.
මේ අතර, ඒ වනවිටත් සම්මාන ලබා සිටි ලා ලා ලෑන්ඩ් චිත්‍රපට කණ්ඩායම ඉතාම නිහතමානී ආකාරයට තමා අත වූ සම්මාන යළි ලබාදීමට කටයුතු කිරීම ගැන මූන් ලයිට් චිත්‍රපටයේ තිර රචක ට්‍රේල් ඇල්වින් ඔවුන්ට සිය ස්තූතිය පළ කිරීමටද අමතක නොකළේය.