2016 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීමට නියමිත බ්‍රසීලයේ රියෝ දි ජැනීරෝ නගරයේ වූ ගුආනබරා මුහුදු බොක්ක 2016 ට පෙර පිරිසුදු කරගැනීමට නොහැකි වනු ඇති බව රියෝ දි ජැනීරෝ නගරාධිපති එඩුආර්ඩෝ පේස් පවසයි.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ඔරු තරග පැවැත්වීමට නියමිත මෙම අපවිත්‍ර වූ මුහුදු බොක්කේ පවතින දූෂණය 80% කින් අඩු කරගැනීමේ සැලැස්මක් ඔවුන්ට පැවතිණි.
නමුත්, නගරාධිපතිවරයා පවසන්නේ එම ඉලක්කය 2016 ට පෙර ලබාගැනීම පහසු කර්තව්‍යයක් නොවන බවය.
නමුත්, දැනට පවතින තත්ත්වය අනුව බොක්කේ ඔරු තරග පැවැත්වීම ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන බවද නගරාධිපතිවරයා පෙන්වා දෙයි.
නමුත්, මෙම ස්ථානය නැරඹීම සඳහා මෑතකදී ගිය ඔලිම්පික් ක්‍රීඩකයන් පිරිසක් පවසා තිබුනේ මෙම මුහුදු බොක්ක විවෘත කසල කාණුවක් බවය.
.jpg)