ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එළැඹෙන අඟහරුවාදා එරට කොංග්‍රසය ඉදිරියේ සිදුකිරීමට නියමිත ප්‍රථම වාර්ෂික ඇමතීම වෙනුවෙන් ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රථම ප්‍රතිචාරය කෙනඩි පරම්පරාවෙන් පැවතෙන දේශපාලඥයෙකු වන ජෝසෆ් කෙනඩි විසින් සිදුකිරීමට නියමිතය.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ජනපති අදහස් දැක්වීමේදී ට්‍රම්ප් විසින් ජනපති ධුරයේ කතාබහට වඩා රිපබ්ලිකන් පක්ෂයේ පොදු පරමාර්ථ ගැන කතාකරනු ඇති බව කියැවෙයි.
රිපබ්ලිකන් පක්ෂය විසින් ඔබාමා කෙයාර් අවසන් කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් පසුගිය වසරේදී වැඩිපුරම කතාබහ කරනු ලැබුවේ කෙනඩි විසිනි.
මැසචුසෙට්ස් නියෝජනය කරන කෙනඩි, ඩිමොක්රටික් පක්ෂයේ නැගී එන තරුවක බවද කියැවෙයි.