ඇමෙරිකාවේ ධවල මන්දිරයේ පරිගණක පද්ධතිය වෙත පසුගිය වසරේදී ඇතුළු වූ රුසියානු හැකර්වරු ජනාධිපති බරැක් ඔබාමාගේ ඇතැම් ඉමේල් පණිවුඩ කියවා ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.
එම පුවත්පත පෙන්වා දෙන්නේ මෙම අනාවරණය කලින් සිතා සිටි තත්ත්වයට වඩා බරපතල බවයි.
මෙම ඉමේල් පණිවුඩ තුළද අතිශය වැදගත් තොරතුරු පැවති බව බලධරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පවසයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී හැකර් ප්රහාරය ගැන වාර්තා වීමත් සමග ධවල මන්දිරයේ පරිගණක පද්ධතියෙන් අඩක් වසා දැමුණි.