ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සෞදි අරාබියේ සංචාරයක නිරත වෙමින් අභාවයට පත් අබ්දුල්ලා රජුට බුහුමන් දැක්වූ බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දීය සංචාරය කෙටි කරමින් සෘජුවම සෞදිය බලා පැමිණි ඔබාමා එරට නව සල්මාන් රජු සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඔබාමගේ මෙම සංචාරයට ප්රමුඛ පෙළේ රිපබ්ලිකන් නියෝජිතයන් පිරිසක්ද, හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන් වන ජේම්ස් බේකර් සහ කොන්ඩලීසා රයිස්ද සහභාගි වී තිබේ.
කලාපයේ පවතින ගැටුම්වලදී ඇමෙරිකාව සමග සෘජු සහයෝගයකින් කටයුතු කරන රාජ්‍යයක් ලෙස සෞදි අරාබිය සැලකෙයි.
ඉන්දීය සංචාරයේදී ටජ් මහල් වෙත ඔබාමා යුවළ යෑමට නියමිතව තිබුණත්, සෞදි සංචාරය නිසා එය අවලංගු කෙරිණි.