ඉන්දියාවේ ජනරජ දින උත්සවයට සහභාගි වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අද (25දා) උදෑසන ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා සමග එරටට පැමිණියේය.
ඉන්දියාවේ ජනරජ දිනයක් වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැමිණ තිබුණි.
මේ අතර, ඔබාමාගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව තුළ දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී, ජනාධිපතිවරයාගේ වෙඩි නොවදින විශේෂ රථයද ඉන්දියාව වෙත ගෙනවිත් ඇති අතර, ජනාධිපතිවරයා පැමිණෙන එයාර් ෆෝස් වන් යානයට සමාන යානා කිහිපයක්ම පැමිණ ජනාධිපතිවරයා පැමිණෙන යානය කුමක්ද යන්න හරි හැටි හඳුනාගැනීමට අවස්ථාවක් ලබාදී නොමැති බවද කියැවෙයි.