කියුබාවේ ඓතිහාසික සංචාරයක නිරත වූ බරැක් ඔබාමා, කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ සමග මානව හිමිකම් සම්බන්ධයෙන් වාග් හරඹයක නිරතව ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ ග්වන්තනාමො බේ සහ කියුබාවේ සිටින්නේ යැයි කියන දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් නායක දෙපොළ මෙසේ වාග් හරඹයක නිරතව ඇති බව කියැවෙයි.
මෙම ඓතිහාසික හමුවේදී කැස්ත්‍රෝ පවසා ඇත්තේ මෙසේ අත්අඩංගුවේ සිටින්නේ යැයි පැවසෙන දේශපාලන සිරකරුවන්ගේ ලැයිස්තුව දැන් ඔබට ඉදිරිපත් කිරීමට හැකි නම්, ඔවුන් සියලු දෙනා අද රාත්‍රියේදීම නිදහස් කරන බව ඔබාමාට පවසා ඇත.
එහිදී, කැස්ත්‍රෝ වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව හා කියුබාව අතර තවදුරටත් ආර්ථික සම්බාධක ලිහිල් වීමට නම් ග්වතනාමෝ බේ කඳවුර වහා ඉවත් කළ යුතු බවයි.