ඇමෙරිකාව හා දකුණු කොරියාව විසින් එදාමෙදා සිදුකළ දැවැන්තම ඒකාබද්ධ යුද අභ්‍යාසයට සූදානම් වන අවස්ථාවේ උතුරු කොරියාව ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම කලාපය උණුසුම් කරන මෙම යුද අභ්‍යාසය වාර්ෂිකව පැවැත්වෙන අතර, ඇමෙරිකාව හා දකුණු කොරියාව එක්ව උතුරු කොරියාව වෙත සිදුකරන ඔච්චමක් ලෙසද මෙය හැඳින්වීමේ වරදක් නැත.
කෙසේ වෙතත්, මෙවැනි ප්රකෝපකිරීම් හමුවේ පූර්ව ක්‍රියාවක් ලෙස යුක්තියේ න්‍යෂ්ටික ප්‍රහාරයක් බලාපොරොත්තු විය යුතු බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබුණි.
මෙසේ උතුරු කොරියාව මෙම උණුසුම් කාලවකවානුවේ යම් අනතුරු ඇඟවීම් සිදුකළත් ඒවා මෙතෙක් යථාර්ථවාදී වී නැත. නමුත්, න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ රාජ්‍යයක් ලෙස තම මිසයිල පද්ධතියට න්‍යෂ්ටික අවියක් සවිකිරීම උතුරු කොරියාවට මහත් වූ කාර්යයක් නොවනු ඇති බවද සැබෑය.