ලෝකයේ උසම කඳු මුදුන ලෙස සැලකෙන එවරටස් තරණය කළ ප්‍රථම ඉන්දියානු යුවළ යැයි පවසන කඳු නගින්නන් දෙදෙනෙකු ගැන එරට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.
දිනේෂ් හා තරාකේෂ්වරී නමැති මෙම කඳු නගින්නන් පසුගිය මැයි 23 වැනිදා මීටර් 8,850ක් උස කඳු මුදුන වෙත ළඟ වූ බව මීට පෙර පවසා තිබුණේ, ඊට සාක්ෂි සහිත ඡායාරූපද ඉදිරිපත් කරමිනි.
වෘත්තියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යැයි පැවසෙන මොවුන්ගේ කතාව බොහෝ කඳු නගින්නන් ප්‍රතික්ෂේප කරන්නට වූ අතර, ඔවුන් පවසා තිබුණේ පරිගණක ආශ්රයෙන් වෙනස්කළ ඡායාරූප ඉදිරිපත් කරමින් ඔවුන් වංචාවක් සිදුකර ඇති බවය.
එහිදී, මෙම චෝදනාව ඔවුන් දෙදෙනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් සහායකයන්ද සමග කන්ද තරණය කළ බව ඔවුන් අවධාරණය කර ඇති බව එරට මාධ්‍ය කියයි.
කෙසේ වෙතත්, පූනේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් යුවළක් වන මොවුන් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ෂණයක් අරඹා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.