2016 වසරේදී ලොව පුරා වාර්තා වූ එල්ලා මරා දැමීම් ඊට පෙර වසරට වඩා 37% කින් අඩුවී ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
ඔවුන්ගේ දත්ත වාර්තාවන්ට අනුව පසුගිය වසරේදී පුද්ගලයන් 1,032ක් එල්ලා මරා ඇති අතර, එය 2015 වාර්තා වූ 1,634 දෙනාට සාපේක්ෂව මෙසේ අඩුවී ඇති බව එම ආයතනය පවසයි.
ඉරානය හා පාකිස්ථානය තුළ මෙවැනි එල්ල මරාදැමීම් පසුගිය වසරේ අඩුවීම මෙම අගයන් අඩුවීම කෙරෙහි බලපා ඇති බවද ඔවුහු පවසති.
මේ සෑම රාජ්‍යයකටම වඩා චීනය එල්ල මරා දැමීම් සිදුකළත් ඔවුන් නිවැරදි දත්ත ඉදිරිපත් කිරීමක් නොකරන බවද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.
කෙසේ වෙතත්, එල්ලා මරාදැමීම් සිදුකරන රාජ්‍යයන් අතර මැදපෙරදිග රාජ්‍යයන් හා මුස්ලිම් රාජ්‍යයන් රැසක් පවතින බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, 2006 වසරේ සිට එල්ලා මැරීම් සිදුකරන ප්‍රධාන රාජ්‍යයන් පහෙන් ඉවත් වීමට ඇමෙරිකාවට හැකි වූ බවද ඔවුහු වැඩිදුරටත් පවසති.