එල් චාපෝගේ පුත්‍රයාව තවත් පාතාල කණ්ඩායමක් පැහැරගෙන
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය පාතාල රජෙකු ලෙස කටයුතු කළ එල් චාපෝ හෙවත් ගුස්මාන්ගේ පුතෙකුද පසුගියදා එරට පැසිෆික් වෙරළ නගරයකදී පැහැරගනු ලැබූ පිරිස අතර සිටින බව විදෙස් වාර්තා පවසයි.
ජීසස් අල්ෆ්රෙඩෝ ගුස්මාන් නමැති 29 හැවිරිදි මොහුද පැහැරගැනීමට ලක්ව ඇති පුද්ගලයන් හය දෙනා අතර සිට ඇති අතර, ඔවුන්ව පැහැරගෙන ඇත්තේ එරට තුළ ක්‍රියාත්මක තවත් පාතාල කල්ලියක් වන ජාලිස්කෝ නිව් ජෙනරේෂන් කල්ලිය විසිනි.
පෝර්ටෝ වොලාර්ටේ සංචාරක නගරය තුළදී පුද්ගලයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූ අතර, මෙය පසුව මිනිස් පැහැරගැනීමක් ලෙස වාර්තා විය.
මුලින් මෙම පැහැරගැනීම පිළිබඳ තොරතුරු වාර්තා නොවූවත්, පසුව එය පාතාල කණ්ඩායම් දෙකක් අතර බල අරගයක ප්‍රතිඵලයක් බව අනාවරණය වී තිබුණි.
එල් චාපෝ හෙවත් ගුස්මාන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර, ඔහු සිනාලේආ පාතාල කල්ලියේ නායකයා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත්, මේ වනවිට එම පාතාල කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකු ලෙස සිට ඇත්තේ පැහැර ගැනුණු අල්ෆ්රේඩෝ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

