ඇමෙරිකානු ජාතික නිදහස් කඳු නගින්නන් දෙදෙනෙක් සති දෙකක කාලයකදී මීටර් 914ක් (අඩි 3000ක්) උස එල්-කැප්ටන් කන්දේ සෘජු පෘෂ්ඨය තරණය කිරීමට සමත්ව තිබේ.
ඒ අනුව, ආරක්ෂිත කඹයක් පමණක් යොදා ගනිමින්, කිසිවෙකුගේ සහායකින් තොරව මෙම කන්ද තරණය කළ ප්රථම අවස්ථාවට කෙවින් ජෝර්ග්සන් සහ ටොමි කැල්ඩ්වෙල් දස්කම් දක්වා තිබේ.
මෙම ඓතිහාසික තරණය ඔවුන් දෙදෙනා ආරම්භ කර ඇත්තේ පසුගිය දෙසැම්බර් 27 වැනිදාය.
මෙම සති දෙකක කාලය තුළ කන්දේ සෘජු මුහුණතෙහි කඹ ආධාරයෙන් සකසාගත් කූඩාරමක ඔවුන් නිදාගෙන තිබේ.