එයාර් ෆ්රාන්ස් ගුවන් සේවයේ රැකියා කප්පාදුවක් සම්බන්ධ රැස්වීමක් පැවති කාමරයකට කඩා වැදුණු එම ගුවන් සේවයේ සේවකයන් එහි කළමනාකරුවන් දෙදෙනෙකුට පහරදීම නිසා ඔවුන් දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයේ රැගෙන යාමට ආරක්ෂක අංශවලට සිදුව තිබේ.
මෙම කලහකාරී සිදුවීමේදී සේවකයන් මෙම කළමනාකරුවන්ගේ කමිසය ඉරා දැමා ඇති අතර, ඔවුනට පහරදීමක් සිදුව ඇති බවද කියැවෙයි.
අදාළ ගුවන් සේවයේ රැකියා 2,900ක් කප්පාදු කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීම පැවැත්වී තිබේ.
මෙම ගුවන් සේවයේ මවු සමාගම වූ එයාර් ෆ්රාන්ස්-කේ.එල්.එම්. සමාගම පවසා සිටියේ කලහකාරී ලෙස හැසිරුණු සේවකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමාගම කටයුතු කරන බවයි.