එබෝලා වෛරසය ශරීර ගතවූ පුද්ගලයන් රෝහලකට ඇතුළත් නොකර නිවෙසක හෝ යම් ස්ථානයක රඳවා සිටින්නේ එම රෝගීන්ට වාසස්ථාන පහසුකම් සපයන්නන් බලවත් අපරාධයක් සිදුකරන බව සියෙරා ලියෝන් රාජ්‍ය නිවේදනය කරයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ එබෝලා වෛරසය වැළඳුණු රෝගීන් කිහිප දෙනෙකු තමන් විසින්ම රෝහලෙන් ඉවත්ව යෑමට තීරණය කිරීම නිසා රෝගය පැතිරීමේ දැඩි අවදානමක් ඇතිවී තිබෙන බවයි.
එබෝලා වෛරසයට එරෙහිව ප්‍රබල පියවරක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවමින් පවසා ඇති අවස්ථාවක මෙවැනි සිදුවීම් තුළින් තවදුරටත් එය පාලනය කිරීම අපහසු වන බවද හෙතෙම පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් බටහිර අප්‍රිකානු රාජ්‍යයන් කිහිපයකටම මේ වනවිට දරුණු ලෙස බලපවත්වන එබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයන් 400කට වැඩි පිරිසක් මේ වනවිටත් ජීවිතයෙන් සමුගෙන ඇත.
එබෝලා වෛරසය මේ දක්වා අතිශ්‍ය විශාල ප්‍රදේශයක් කරා පැතිර යන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර, වැඩිම මරණ සංඛාවක් වාර්තා වන අවස්ථාව ලෙසද සැලකෙයි.