G7 රාජ්ය නායක සමුළුව අවසන් වනවිට එහි ඒකාබද්ධ ප්රකාශය වර්ජනය කළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් කැනඩාව වංකව කටයුතු කළ බවට චෝදනා කරයි.
එමෙන්ම, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සෙසු රටවල්ද ඇමෙරිකාවට ඉතා ඉහළ බදු පැනවීම් මීට පෙර සිදුකර ඇති බවය.
වෙළෙඳාම මත පදනම් වූ කොන්දේසි මැයෙන් ඉදිරිපත් වූ ඒකාබද්ධ ප්රකාශය හරහා ඇමෙරිකාව මෑතකදී වානේ සහ ඇලුමීනියම් ආනයනයේදී පනවා ඇති ඇමෙරිකානු බදු සම්බන්ධ දැඩි කතාබහක් ඇති කර තිබුණි.
විශේෂයෙන්ම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව ඉදිරියට දමා ගනිමින් මෙවැනි බදු පැනවීමක් සිදුකිරීමේ ඩොනල්ඩ් ට්රම්ප්ගේ තීරණය අවමානයට ලක්කිරීමට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කටයුතු කළේය.
කැනේඩියානුවන් බොහෝම හැදියාවකින් යුතු ජාතියක් වුවත්, සෑමවිටම පස්සට තල්ලු වී සිටීමට කැනේඩියානුවන් සූදානම් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය කුමක් වුවත් යුරෝපා සංගමයේ සියලුම රටවල් පවසා සිටියේ ඔවුන් මෙවර සමුළුවේ ඒකාබද්ධ ප්රකාශය සමග සිටින බවයි.
44 වැනි G7 සමුළුව කැනඩාවේ, ක්වෙබෙක් නගරයේදී මෙවර අවසන් වූයේ සෙසු රටවල ඒකාබද්ධතාව තුළ ඇමෙරිකාව හුදකලා කරමිනි.