මහා බ්‍රිතාන්‍යයේ, එංගලන්ත හා වේල්ස් පොලිස් සේවයට අලුතින් බඳවා ගන්නා සියලු දෙනා උපාධිධාරීන් විය යුතු බවට නව විධිවිධාන පටිපාටියක් සකස් තිබේ.
විශේෂයෙන්ම එරට තුළ අපරාධ මැඬලීමේ කාර්යයේදී උපාධියකින් සන්නන්ධ පොලීසියට එම පුහුණුව උපකාරී වන බව පොලිස් පුහුණු ආයතනය පවසයි.
මේ තත්ත්වය තුළ ඉදිරියේදී එරට පොලිස් සේවයට එක්වීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන් වසර තුනක කාලයක් සඳහා පූර්ව උපාධි පුහුණුවක්, පශ්චාත් උපාධියක් ඉලක්ක වූ පාඨමාලාවක් හෝ උපාධියක් සම්පූර්ණ කිරීම අනිවාර්යය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මහා බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානී මණ්ඩලය අවධාරණය කරන්නේ මෙවැනි විධිවිධාන හඳුන්වාදීම තුළින් එරට පොලිස් සේවාවේ තත්ත්වය ඉහළ නැවෙන බවයි.