උස්බකිස්තානයේ හිටපු ජනපති ඉස්ලාම් කරිමෝව්ගේ මරණයෙන් පසුව එරටට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
සෝවියට් දේශය බිඳ වැටීමේ සිට එරට රාජ්‍යත්වය දැරූ ඒකාධිපති නායකයෙකු ලෙස කරිමෝව් සැලකිණි.
කරිමෝව් පාලනය යටතේ එරට අගමැතිවරයා ලෙස කටයුතු කළ හා දැනට එරට වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ෂෙව්කත් මිර්සියෝයේව් මෙවර ජනාධිපතිවරනයෙන් වැඩි බලාපොරොත්තුවක් පවතින නායකයා ලෙසද සැලකෙයි.
බොහෝ අවස්ථාවල බලයේ සිටින පාර්ශ්වය 90% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් සමග මැතිවරණයක් ජයග්‍රහණය කිරීම එරට සාමාන්‍ය සිදුවීම බවද කියැවෙයි.