ඇප් සේවාවක් හරහා පෞද්ගලික කුලී රථ සේවාවක් පවත්වාගෙන යන උබර් සමාගම සඳහා ලන්ඩන් නගරයේ ලබාදී තිබූ බලපත්රය අලුත් නොකරන බව ලන්ඩන් ප්රවාහන අධිකාරිය පවසයි.
බී.බී.සී.ය වාර්තා කරන ආකාරයට එම ආයතනය පෙන්වා දෙන්නේ මෙම කුලී රථ සේවය ලන්ඩන් නගරයේ කුලී රථ සේවාවක් පවත්වාගෙන යාමට සුදුසු ආයතනයක් නොවන බවයි.
ලන්ඩන් ප්රවාහන අධිකාරිය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ක්රියාකාරීත්වය සහ හැසිරීම වගකීමෙන් තොර බවයි. මෙය එය ලන්ඩන් නගරයේ මහජන ආරක්ෂාවට තර්ජනයක් බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ලන්ඩන් ප්රවාහන අධිකාරියේ තීරණයට එරෙහිව අධිකරණය වෙත යෑමට උබර් සමාගම් බලාපොරොත්තු වුවත්, මේ සඳහා ඔවුන්ට සහනයක් සැලසෙනු ඇති බව අවිනිශ්චිත බවද සඳහන් වෙයි.
දැනට ලන්ඩන් ආශ්රිතව පමණක් ඔවුන්ගේ ඇප් එක හරහා ලක්ෂ 35ක ග්රාහකයන් පිරිසක්ද, රියදුරන් 40,000කට වැඩි පිරිසක්ද රැඳී සිටියත් මෙම ඇප් වැඩසටහන ලන්ඩන් නුවර තුළ තහනම් කෙරෙනු ඇත.
එහිදී, ලන්ඩන් බලධාරීන්ගේ ප්රධාන චෝදනා වන්නේ මෙම කුලීරථ රියදුරන් මාර්ග තදබදය වැඩිදරන බවයි. එමෙන්ම, ඔවුන්ගේ රියදුරන් පාලනය කිරීම නිසි පරිදි සිදු නොවන බවටද චෝදනා එල්ල වී තිබේ.
මේ අතර, ලන්ඩන් නගරාධිපතිවරයාද ප්රවාහන අධිකාරියේ තීරණයට එකඟත්වය පළ කර ඇත්තේ ලන්ඩන්වාසීන්ට තර්ජනයක් එල්ල කරන්නේ නම් උබර් සමාගමේ බලපත්රය දීර්ඝ කිරීම නිවැරදි නොවන බව අවධාරණය කරමිනි.
මේ අතර, 2014 දී ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට කුලී රථ රියදුරෙකුට චෝදනා එල්ල වීමත් සමග උබර් කුලී රථ සේවය තහනම් කිරීමට දිල්ලි අගනුවර බලධාරීහු පියවර ගත්හ.