උතුරුදිග යුරෝපය හරහා හමාගිය දරුණු කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
නෙදර්ලන්තයේ සහ වයඹදිග ජර්මනියේ මෙම කුණාටුව හේතුවෙන් ඇති වූ අනතුරු නිසා පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පැයට කිලෝමීටර් 140 ඉක්මවන හදිසියෙන් ඇතිවන සුළං එරට ප්රවාහනයටද දැඩි බලපෑමක් සිදුකර තිබේ.
ඒ අනුව, බ්රහස්පතින්දා දිනයේ ධාවනය වූ ශීඝ්රගාමී දුම්රිය සේවා බොහෝමයක් අවලංගු කර තිබුණු අතර, නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුරෝපයේ කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ෂිෆොල් ගුවන් තොටුපොළේ කටයුතු තරමක් අඩාල වූ බවද කියවුණි.
ගුවන් තොටුපොළෙන් පිටත්වන ගුවන් යානා කිහිපයක් අවලංගු කිරීමටද කටයුතු කෙරුණු අතර, ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලක වහළක් ගැලවී ගොස් තිබුණි.