උතුරු කොරියාව හා දකුණු කොරියාව එක්ව උතුරු කොරියාවේ පවත්වාගෙන යන කෙසොන්ග් කර්මාන්ත පුරයේ කටයුතුවලින් ඉවත් වීමට දකුණු කොරියාව තීරණය කොට ඇත.
උතුරු කොරියාව විසින් මෑතකදී සිදුකළ රොකට්ටුවක් අභ්‍යවකාශ ගතකිරීම හා න්‍යෂ්ටික පර්යේෂණයට විරෝධය පෑමක් ලෙස දකුණු කොරියාව මෙසේ සිදුකර තිබේ.
ඒ අනුව, මින් ඉදිරියටත් උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩපිළිවෙල හා මිසයිල වැඩසටහන වෙනුවෙන් ආයෝජන නොනවත්වන්නේ නම් කර්මාන්ත පුරවරයේ සියලු මෙහෙයුම් නවතා දමන බවට සියෝල් පාලනය අනතුරු අඟවයි.
මෙම කෙසොන්ග් කර්මාන්ත පුරය දෙරට අතර සහයෝගීත්වයක් පවතින එකම ස්ථානය ලෙස සැලකෙන අතර, එය උතුරු කොරියාවට විශාල ආදායම් උත්පාදනයක් ලබාදෙන තැනක් ලෙසද ප්රකටය.