උතුරු කොරියාවේ උප අගමැති චෝ යොන්ග්-ගොන්ග් පසුගිය මැයි මාසයේදී එරට ජනපති කිම් ජොන්ග්-උන්ගේ අභිමතය පරිදි මරාදමා ඇති බව දකුණු කොරියානු රජය පවසයි.
උතුරු කොරියාවේ තරුණ නායකයාගේ අත්තනෝමතික පාලනය විවේචනය කිරීම හේතුවෙන් ඔහුට මෙසේ සිය ජීවිතයෙන් වන්දි ගෙවිමට සිදුව ඇති බව තම බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව දකුණු කොරියාව වැඩිදුරටත් පවසයි.
එමෙන්ම, තරුණ නායකයාගේ පාලන සමය තුළ මේ දක්වා එරට රජයේ ඉහළ නිලධාරීන් 70කට ආසන්න පිරිසක් මරාදමා ඇති බවද ඔවුන් පවසයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වරට ප්රසිද්ධියේ පෙනී සිටි උප අගමැතිවරයා ඉන් අනතුරුව අතුරුදන් විය.