උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ගේ වැඩිමහලු සොහොයුරා ලෙස සැලකෙන කිම් ජොන්ග්-චොල් ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ සිටියදී මාධ්‍යයේ උකුසු ඇසට හසුව තිබේ.
ලන්ඩන් නුවර රෝයල් ඇල්බර් ශාලාවේ පැවති එරික් ක්ලැප්ටන්ගේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ඔහු තවත් තරුණියක සමග පැමිණ ඇති බව කියැවෙයි.
ඔහු ක්ලැප්ටන් ලෝලියෙකු බවත්, මීට පෙර වෙනත් රටවල පැවති ඔහුගේ සංගීත ප්‍රසංග නැරඹීමට ගොස් ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
ජපාන රූපවාහිනී නාලිකාවක් විසින් මෙම වීඩියෝව පටිගත කරගෙන ඇති අතර, මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න නැගීමට උත්සාහ කළත් ඔහු වටා සිටි පෞද්ගලික ආරක්ෂකයන් ඊට අවස්ථාව ලබා දී නොමැති බවද කියැවෙයි.